top of page
Search

මනස



පොදු මනස විශේෂ බවට පත්වීමට ආශා කරනවා, ඒක පෘතග්ජන(පොදු) බවේ කොටසක්. පොදු මනස කැමතියි කවුරු හරි විශේෂ කෙනෙක් වෙන්න, ඔබ ඇලෙක්සැන්ඩර් වෙන්න පුලුවන්, නමුත් ඔබෙහි පෘතග්ජන බව ඉතිරියි. එසේනම් කවුද විශේෂ කෙනා?


විශේෂ බවට පත්වීමට පටගන්නේ විශේෂ බවට පත්වීමට ආශා නොකරන විටය. එනම් මමත්වයෙන් ඉවත් වන විටය. එවිට ඔබගේ ගමන පටන් ගෙන ඇත.


මනස දෙයාකාරයකින් මේ ලෝකයෙහි පවතිනවා, සමහර මනසවල් තිබෙනවා බලපෑම් කිරීමට කැමති සහ සමහර මනසවල් තිබෙනවා බලපෑම් කරනවාට කැමති. මේ දෙයාකාරයම පිරී තිබෙන්නේ මමත්වයෙන් මොකද බලපවත්වනවා හෝ බලපැවත්වෙනවා වුනත් ඔබ වැදගත් නිසා. කවුරුන් හෝ ඔබව බලපවත්වනවා නම් ඒ කියන්නේ ඔබ වඩා වැදගත් බවයි. මක් නිසාද ඔහුගේ ආධිපත්‍යය රදා පවතින්නේ ඔබ මතයි. ඔබ නැතිව කොහෙද සිටිය හැකි? ඔබ නැතිව කෙසේද ඔහුගේ රාජධානිය පැවතිය හැක්කේ, ඔහුගේ ආධිපත්‍යය, ඔහුගේ ස්වාමිත්වය දැක්වීම, ඔබ නැතිව එනම් ඔහු කිසිවෙකු නොවන බවට පත්වේවි.


මමත්වය සම්පූර්ණ කරන්නේ මේ දෙයාකාරයෙහිම අන්ත, මැද පිළිවෙතින් පමණයි මමත්වය මැරෙන්නේ. කිසිවෙක් බලපවැත්වන්නට(බලපෑම් කරන්න) හෝ බලපැවැත්වෙන්නට(බලපෑම් ලබන්නට) උත්සහ කරන්න එපා.

 
 
 

Comments


bottom of page