ආදරය
- K.K.N. Maduwanthi
- Jul 3, 2019
- 1 min read

ඔබ ජීවත් වන්නේ අන්ත වලය. මොකද මනස අන්ත වල ජීවත් වෙයි. මනසට මැදහි ජීවත් වීමට නොහැක. මක් නිසාද මැද දී මනස ශුන්‍ය වෙයි. ඔබ කෙනෙක්ට ආදරය කරනවා නම් ඒ ආදරය පිටුපස වෛරයද තිබෙයි. මොකද ඔබ කිසිවෙකුට සම්පූර්ණයෙන්ම ආදරය කරන්නේ වත් වෛර කරන්නේ වත් නැත. නමුත් ඔබට ආදරය සහ වෛරය දෙකම එක මොහොතේ පැවැත්වීමට නොහැක. මේ අන්ත දෙකම අත්හල තැන ඔබගේ මනස ශුන්‍යයය. එහිදී ඔබ සදාතනික වෙයි. ඔබ අධිකව ආදරය කරපු කෙනෙක්ට පමණයි වෛර කල හැක්කේ, ඒ සදහා මනස බලා සිටියි. මනසේ මේ ස්වභාව අවබෝධ කර ගතහොත් ඔබට සෑම මොහොතකම එන සිතුවිලි වල ප්‍රතිවිරුද්ධ පැත්තක් ඇති බවද එකම සිතුවිල්ලක් එකම මොහොතක්වත් පවතින්නේ නැති විට ඔබට අන්ත වලින් මිදී මැද මාවතෙහි ගමන් කල හැකිය. මනසේ ස්වභාවය අවබෝධයෙන් ඔබව තෘප්තිමත්ව ජීවත් වනු ඇත. නමුත් මේ සත්‍යයය මනසට තේරුම් ගැනීමට අපහසුය.
Super