ජීවිතය තෘප්තිමත්
- K.K.N. Maduwanthi
- Jul 1, 2019
- 1 min read

තෘප්තිමත් වී ඉතා සතුටින් පුද්ගලයෙක් බවට ඔබ පත්වෙන්නේ කෙසේද?
ඔබට ජීවිතය දුකක් බවට පත්වුනේ කෙසේද? ජීවිතය දුකක් බවට පත්වුනේ අතීත තොරතුරු සියල්ලම මේ මොහොතට යා කරමින් ඔබේ මනස විසින් ඔබේ ලෝකය නිර්මාණය කරගෙන තියෙන නිසයි. අතීතය සිහිනයක් ලෙස දකින්න. මක් නිසාද, එය ගතවී ඉවරයි. සිදු වූ ඕනෑම දෙයක් යම් කිසි සිදුවීමක් පමණයි. අනාගතයද සහිනයක්ත එයද මේ මොහොතේ සිතුවිල්ලක්, සිහිනයක් පමණයි. ඔබ මනෝමය වශයෙන් නිර්මාණය කරගන්නා අතීතය, අනාගතය අතහරින්න. මේ මොහොත තුල ඔබට ජීවත් වන්න පුලුවන් මහා තෘප්තියකින්. මොකද මේ මොහොත තුලදී ජීවිතය සරළයි. ඔබට තරහකරුවෙකු මුණ ගැසුනහොත් ඔබගේ ඇස කියනවාද ඔබගේ තරහකරු පැමිණෙනවායි, නැත ඔබගේ ඇස එසේ කියන්නේ නැත. නමුත් ඔබගේ මනස එය මතක් කරයි. ඔබ පිච්චෙයි. එය අතීත දත්තයක් පමණයි කියලා ඉවත් කරන්න මනසේ මායාවට රැවටෙන්න එපා. මේ මොහොත තුල මුණ ගැසෙන, හමුවෙන, සියල්ල සිදුවීමක් පමණයයි සිතා සරළව සිටින්න. සියල්ල මේ මොහොතේදී ඔබට සිතෙන සිතුවිලි පමණක් බව තේරුම් ගන්න. එයින් ඔබව තෘප්තිමත් කරාවි. සදාකාලිකව එයම නිවනට පාර කියාවි.
Comments