top of page
Search

මායාවේ ප්‍රතිරූපය

Jun 24, 2019
1 min read


  ඔබ මදකට හිතන්න ඔබ දිනක කණ්ණාඩියක් දැක නැති බවට. එනම් කිසිම දිනක ඔබ ඔබේ මුහුණ දැක නැතැයි සිතන්න. ඔබ කැලයක තනිවම ජීවත් වෙමින් සිටියදී ඔබට කණ්ණාඩියක් ලැබුනහොත් ඔබ කුමක් කරාවිද?


අනිවාර්යයෙන්ම ඔබ බය වෙනවා. යම් සතෙක් ඇතුලේ ඉන්නවායැයි සිතා එය ඇල්ලීමට උත්සහ කරාවි, ඔබ පුදුම වේවි, සමහරක් විට ඒ කණ්ණාඩිය තුල සිටින සත්වයා සමග යහලු වීමට සිතාවි.


ඔබ මනුශ්‍ය වර්ගයාට අයිති යැයි ඔබට කිව්වේ කවුද? ඔබගේ අතීත තොරතුරු අනුව ඔබ නිතරම මේ මොහොත නිර්මාණය කරගනියි.


මොහොතක් සිතන්න ඔබගේ අතීතය, වර්ථමානය, අනාගතය මුලුමනින්ම කණ්ණාඩියේ ප්‍රතිබිම්බයට සමානය. ඔබ කණ්ණාඩිය ඉදිරියට යාමට පෙර ඔබේ රූපය කණ්ණාඩියේ තිබුනේ නැත. කණ්ණාඩිය අසලට ගිය විටද තිබෙන්නේ ප්‍රතිබිම්බයකි. එම කණ්ණාඩියේම ඇතුලේ ඇත්තටම සතෙක්, පුද්ගලයෙක් ඇති බවට වත්, නැති බවට වත් කිව නොහැකිය.


එය මායාවකි, ඔබව මුලා කරන මිරිගුවකි. කණ්ණාඩියෙන් ඉවත් වූ විටදී ඔබගේ ප්‍රිතිබිම්බය නැත. එනම්,

අතීතය අවසන්ය,

අනාගතය පැමිණ නැත.

මේ මොහොතේ පවතින්නේ ද මායාවකි. ඔබ මායාව නම් කණ්ණාඩි ප්‍රතිබිම්බය යනු මායාවේ ප්‍රතිරූපකයකි. එම මායාවෙන් නිදහස් වන්න.

 
 
 

Comments


bottom of page