top of page
Search

ඹබ සහ ගස...

Updated: Jun 24, 2019


ree

ඹබ සහ ගස අතර වෙනසක් තිබෙනවාද? වෙනසක් තිබෙනවානම් එම වෙනස කුමක්ද? හේතුන්ගෙන්නි ර්මාණය වුන ඹබ හුස්ම ගන්නේ හිතලා නෙවෙයි නේද? ගසත් ඹබ මෙන්ම හුස්ම ගන්නවා නේද?

ඹබගේ ශරීරය ස්වභාවික ක්‍රියාවලියක කොටසක් නෙවෙයිද? ඹබගේ ශරීරය තුල ඇති අවයව සියල්ල ඹබගේ කිසිම මග පෙන්වීමකින් තොරව ක්‍රියාත්මකයි නේද?

ගසද ඹබද හුස්ම ගනියි, ආහාර ලබා ගනියි. නමුත් ගස නිදහසේ හැදෙයි. ඹබ මේ මමයයි අල්ලාගෙන ජීවත් වෙයි ඹබගේ ඹය තාවකාලික කූඩුව ඹබ මගේමයයි සිතයි. ඹබ කැමති විදියට පැවැත්වීමට උත්සාහ කරයි.

ඹබද ස්වභාව ධර්මය අතර වෙනසක් නැති බව වටහාගෙන මේ මොහොත තුල තෘප්තිමත් වෙන්න. මේ මොහොතේ සතුටින් සිටින්න. මේ මොහොතේ සිතුවිලි ක්‍රියාකාරිත්වය තුල ඹබ නැතිි බව වටහා ගන්න.

නමුත්, මෙම සංසන්දනය මේ මොහොතේ දැනුමක්ම පමණයි. ඹබ ඹබව ඉන්නවා යැයි, මම කරනවා යැයි සිතීම ඹබ මේ දුක්බර සසරට බැද තබයි.

ඹබ සහ ගස යනු මේ මොහොතේ පවතින සිතුවිල්ලක්(සංඤා) පමණි. බාහිරව ගසවත් ඹබවත් නැත. සිතුවිලි ලෝකයකි, මායාවකි, මිරිගුවකි.

 
 
 

Kommentare


bottom of page