top of page
Search

සිහින

Jun 23, 2019
1 min read

Updated: Jul 1, 2019


ඔබ නිදාගත් විට ඔබ ඉන්නේ කොහේද? ඔබට ඔබ ගැන දැනීමක් තිබෙනවාද? නැත. ඔබට ඔබ ඉන්න බවට දැනීමක් නැත. නමුත් ඔබ නින්දේදි සිහින දැක තියෙනවා නේද? එම සිහින තුලදී ඔබ යම් යම් දේ දකිනවා, ඔබ කතා කරනවා, ඔබට ඇහෙනවා, ඔබට දැනෙනවා. ඔබ බය වෙනවා, ඔබ හිනා වෙනවා. නමුත් මේ කිසිම දේකට ඔබ ඔබේ ඇස, කන, නාසය, දිව, ශරීරය පාවිච්චි කරේ නෑ නේද? නමුත් ඔබ මනෝමය ලෝකයක ජීවත් වුනා නේද?

ඔබ අවදිවී සිටින විටදීද සිදු වන්නේ ද මෙයයි. ඔබ කලින් ලබා ගෙන ඇති දත්ත(තොරතුරු) අනුව ඔබ මනෝමය ලෝකයක් අවදියෙන් සිටින විටත් හැම මොහොතකම නිර්මාණය කර ගනියි. ඔබ කලින් ලබා ගත් තොරතුරු අනුව ඔබ මේ මොහොත නිර්මාණය කර ගනියි. අවදියෙන් සිටින විට සිදුවන දේත් සිහිනයකත් වෙනසක් නැත

 
 
 

Comments


bottom of page